උතුරේ අන්තවාදීන් කටඅරිනවිට දකුණේ අන්තවාදීන්ට වාසි සහගත වන බවත්, දකුණේ අන්තවාදීන්ගේ ක්‍රියා උතුරේ අන්තවාදීන්ට වාසි සහගත බවත් රාජ්‍ය භාෂා හා ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
මේහේතුවෙන් දෙපාර්ශවයම අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවක සිටිය යුතු බවත් මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට පහරදීම තරයේ හෙලාදකින බවත් අමාත්‍යවරයා කීය.
මෙම ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන්ට උපරිමයෙන් දඬුවම් ලබාදිය යුතු බවත් කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් මීට පෙරාතුවද වාර්තා වූ බවත් අමාත්‍යවරයා සිහිපත් කළයේ.
වරෙක අමෙරිකාවේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරයෙකුට කණට ගැසු සිද්ධියක් තිබුණු බවත්, රජීව් ගාන්ධිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර සොල්දාදුවෙකු විසින් රජීව්ට තුවක්කු බන්දෙන් පහරදුන් බවත් අවධාරණය කළේය.
එහෙත් මෙවැනි සිදුවීම් යළි සිදුනොවිය යුතු බවදච අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.