උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් සිදුකරන ලද ක්‍රියාව හේතුවෙන් රට තුළ විශාල කතාබහක් ඇතිව තිබෙන බවත්, එහෙත් මෙම ක්‍රියාවෙන් දරුවන්ට අසාධාරණයක් සිදුනොවන බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
වැරදි කළ පුද්ගලයන්ට නීති මගින් කටයුතු කරන බවත්, මෙවැනි සිද්ධීන් වැළැක්වීමට අවශ්‍ය කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍ය වී. රාධ ක්‍රිෂ්ණන් මහතා පැවසීය.
පසුගිය වසරේදී ඉසෙඩ්කෝර් ගැටලුව ඇතිවූ බවත්, විභාග දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව එය වැළැක්වීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.