දකුණු ආසියාවේ වැඩිහිටියන් බවට පත්වෙමින් පවත්නා ඉහලම ජනගහණය සහිත රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව වැඩිහිටි රැකවරණය සඳහා වූ ඉල්ලීම්වලට මුහුණ දීමට ප්‍රකාර දිවයින පුරා ඉහළ ගුණාත්මකභාවයක් සහිත වැඩිහිටි සුරැකුම් ක්‍රමයක් තහවුරු කිරීමට රජය කටයුතු කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනය
වැඩිහිටි රැකවරණය විෂයයෙහි රජයේ ඉදිරි ගමන
සංවර්ධිත ලෝකයේ සැලකිය යුතු මට්ටමින් නැග එන ඉල්ලුම සමගින් ගුණාත්මක තත්ත්වයේ වැඩිහිටි රැකවරණ ක්රමයක අවශ්‍යතාවය ජාත්‍යන්තර තලයේ ඉහළ නගිමින් පවතී. දකුණු ආසියාවේ වැඩිහිටියන් බවට පත්වෙමින් පවත්නා ඉහලම ජනගහණය සහිත රට වශයෙන් ශ්‍රී ලංකාවටද වහ වහා වැඩිහිටි රැකවරණය සඳහා වූ ඉල්ලීම්වලට මුහුණ දීමට සිදුවනු ඇත. මෙම ඉදිරි අවශ්‍යතාවය ප්‍රකාර දිවයින පුරා ඉහළ ගුණාත්මකභාවයක් සහිත වැඩිහිටි සුරැකුම් ක්‍රමයක් තහවුරු කිරීමට රජය විසින් කටයුතු කරමින් පවතී. වර්තමානයේදී, වැඩිහිටි සුරැකුම් සේවා සදහා වූ ඉල්ලුම ප්‍රමාණවත් පරිදි සපුරාලනු නොලබන හෝ ව්‍යුහගත නොවන ආකාරයකින් සපුරාලනු ලබන තත්ත්වයක් දක්නට ලැබේ.
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුව විසින් වැඩිහිටි සුරැකුම් සහකාරවරුන් පුහුණු කිරීමේ විෂය මාලාවක් සංවර්ධනය කර ඇත. මෙම මෙහෙයුම් ව්‍යාපෘතිය මගින්,
i) නිශ්චිත ප්රමිතීන් අත්පත් කරගනු සඳහා ගුණාත්මක මට්ටමේ වැඩිහිටි සුරැකුම් සහකාරවරුන් පුහුණු කොට සැපයීම
ii) වැඩිහිටි සුරැකුම් අවශ්‍යතා සපුරාලනු ලබන බවට සහතික වීම
iii) වෘත්තීය මට්ටමේ, ආරක්ෂිත හා කාරුණික වැඩිහිටි සුරැකුම් සේවා සම්පාදකයන් ප්‍රවර්ධනය
iv) දිවයින පුරා ගුණාත්මක භාවය සහතික කරන ලද, ප්‍රමිතිගත ක්‍රියාවලින් සහතික කිරීම ඉලක්කගත කෙරේ.
විෂය මාලා සංවර්ධනය තුළ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, හෙල්ප්ඒජ් ආයතනය, කොළඹවිශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය, තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC), ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) හා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) යන ආයතනයන්හි අදහස්ද ඇතුළත් කරන ලදී.
ආරම්භක වැඩසටහන පංති කාමර, භුමිකා රංගන හා ප්‍රායෝගික සීමාවාසිකත්ව වශයෙන් වූ පැය 112කින් සමන්විත වනු ඇත. අනාගතයේදී ශ්‍රී ලංකාව තුළ හා විදේශයන්හි ඉල්ලුමක් පවතින්නා වූ කුසලතාවයන් අත්පත් කරගැනීමට වැඩිහිටි සුරැකුම් සහකාරවරුනට හැකියාව ලබාදෙනු පිණිස වැඩසටහන ව්‍යුහගත හා ප්රගතිශීලි ආකාරයකින් මෙහෙයවනු ඇත. වැඩිදුර පුහුණුව හා ප්‍රායෝගික අත්දැකීම් මගින්, වඩා උසස් මට්ටමේ කුසලතා ද අත්කර ගැනීමට ඔවුන් වෙත අවස්ථාව සැලසෙනු ඇත.
භෞතික, මානසික, සමාජයීය හා ආධ්‍යාත්මක සාධකද ඇතුළත් විද්‍යාත්මක සුරැකුම්කරණ ප්‍රවේශයක් සහිත පුහුණු අත්පොතක් මගින් පුහුණුව සඳහා අවශ්‍ය සහාය සැලසෙනු ඇත. සුරැකුම්කරණ චක්‍රය තුළ අංකිත තාක්ෂණය භාවිතයෙන් මිශ්‍ර ඉගෙනුම් ශිල්ප ක්‍රමද ඇතුළත්ව, පූර්ව තක්සේරුව, ගැටලු හඳුනා ගැනීම හා ප්‍රමුඛතාකරණය, අරමුණු හෝ ඉලක්ක පිහිටුවීම, ක්‍රියාකාරකම් මෙහෙයවීම හා ප්‍රතිඵල තක්සේරුකරණයද ඇතුළත් වනු ඇත.