වැඩිහිටි නිවාසවලට හා ළමා නිවාසවලට නව ප්‍රමිතියක් මේ සතිය තුළදී හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ලෝක ප්‍රමිති දිනය මේ මස 14 වැනි දිනට යෙදී තිබෙන බවත්, ඊට සමගාමීව අද (09දා) සිට 15 වැනිදා දක්වා ප්‍රමිති සතියක් නම් කර තිබෙන බවද පවසා සිටියේය.
මෙම සතිය තුළදී ප්‍රමිතිය සම්බන්ධ වැඩසටහන් රාශියක් රට තුළ ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
වැඩිහිටි නිවාස හා ළමා නිවාසවල කටයුතු විධිමත් කිරීම සඳහා මෙම ප්‍රමිතිය හඳුන්වා දෙන බවත්, ඒ සම්බන්ධ නීති සකස් කර එය රටේ නීතියක් බවට පත්කිරීම රජයේ වගකිව යුතු ආයතනවලට සිදුකළ හැකි බවද පවසා සිටියේය.