අන්තර් ජාතික වැඩිහිටි දිනය නිමිත්තෙන් ජාතික වැඩිහිටි අරමුදල සඳහා පවත්වන ජාතික කොඩි සතිය ඊයේ (01දා) සිට ආරම්භ වූ අතර එය එළැඹෙන 07 දා තෙක් පැවැත්වෙයි.
එම සතිය තුළ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ නියෝජිතයන් විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල හරහා කොඩි අලෙවිය සිදුකරනු ලබයි. එම සතිය තුළදී කොඩියක් මිලදී ගෙන ජාතික වැඩිහිටි අරමුදලට දායක වන ලෙස සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධන අමාත්‍යාංශය නිවේදනය කරයි.