ආබාධිත සහ වැඩිහිටි පුද්ගලයන් වෙනුවෙන් විශේෂ අරමුදලක් පිහිටුවීමට බලපොරොත්තු වන බව සමාජ සවිබල ගැන්වීමේ හා සමෘද්ධි අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අයවැය 2016 කාරකසභා අවස්ථාවේ විවාදයේ අඳහස් දක්වමිනි.
පසුගිය කාලයේ සිදු කළ සමීක්ෂණ පිළිබඳව ගැටළු තිබෙන බව කියවුණා, ඒ අනුව සමීක්ෂණය නිවැරදිව සිදු කර සුදුසු අයට සහනාධාර ලබදීමට කටයුතු කරනවා. වැඩිහිටි දීමනාව ඉල්ලා පොරොත්තු ලේඛනයක් තිබෙනවා. ඉදිරි කාලයේ දී වැඩිහිටි දීමනාව ලබාදීමට හැකි වෙනවා. සමෘද්ධි අධිකරිය දිවිනැගුම දෙපාර්තමේන්තුව වීමෙන් පසු එහි නිලධරීන් නීත්‍යාණුකූල රජ්‍ය නිලධාරීන් ලෙස අදාළ ශ්‍රේණි ගත කිරීමෙන් අනතුරුව නීත්‍යාණුකූල පත්වීම් ඉදිරියේ ලබදීමට කටයුතු කරනවා. පත්වීම් සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ. ජාතික ප්රතිපත්තියක්හදලා,පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ආබාධිත අය පිළිබඳ විශේෂ අරමුදලක් පිහිටුවන්නට කටයුතු කරනවා යැයිද අමාත්‍යවරයා ප්‍රකාශකළේය. එමෙන්ම මෙහිදී අදහස් දැක්වු සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ප්‍රකාශ කරන ලද්දේ වරප්‍රසාද නොලත් ජනතාවට පාට පක්ෂ භේදයකින් තොරව සහනාධාර ලබාදීමට කටයුතු කරන බවය.
දුප්පත්කමට සහිතකයක් ලබදුන් එකම රජය පසුගිය රජයයි. ඒ සඳහා රුපියල් මිලියන 11ක් වැය කර තිබෙනවා. සමීක්ෂණ කටයුතුවලට අයඳුම්පත් මුද්‍රණයේදී රුපියල් ලක්ෂ 82ක් වැය කරලා තිබෙනවා. මේ වන විට සමෘද්ධි සහනාධාරය ව්‍යාජ ලෙස ලබාගන්නා සියයට 30ක් පමණ ඉන්නවා. ඒවා සොයා බලා පියවර ගැනීමට අප කටයුතුකරනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශකළේය.