වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන් සැබැවින්ම දුක්විඳින බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා පැවසීය. තමන් ඇමැති ධූරයට පත්වූ වහා වැඩිහිටියන්ට ගෙවන රුපියල් 2000ක වැඩිහිටි දීමනාවෙන් රුපියල් 100ක් වෙන් කර අරමුදලක් බිහිකරනු ලැබුවේ රට පුරා ඇති වැඩිහිටි නිවාස වල තත්වය උසස් කිරීමට බවත්, බොහෝ නිවාස වල තත්වය අපායට සමාන බවත් ඇමැතිවරයා සඳහන් කලේ අද (20) කොලඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ වූ වැඩිහිටියන් පිළිබඳ ජාතික ප්රථිපතියක් සැකැසීමේ ජාතික කතිකාවේ සමාරම්භක උත්සවයේදීය.
ඇමැතිවරයා උත්සවයේදී මෙසේද කීවේය. “මම ඇමැතිවෙලා ආපු ගමන් වැඩිහිටියන්ට ගෙවන දීමනාවෙන් රුපියල් 100ක් කපල ගත්ත. ඒකට ලොකූ ප්‍රශ්නයක් ආව. මම වැඩිහියන්ටත් ගැහුව කියල. මම කිව්ව නෑ .අපි ඒ දීමනාව ගෙදරටම යවමු ඒ අයට කිසි වියදමක් යන්නේ නැතිවෙන්න කියල.
දැන් ඒකට ක්‍රමයක් සකසමින් තියෙනව. මොකද මේ අය මේ දීමනාව ගන්න රුපියල් දෙතුන් සීයක් වියදම් කරගන්නව. මේ රුපියල් 100 අයින් කලාම මාසෙකට රුපියල් ලක්ෂ 400කට කිට්ටු මුදලක් එකතු වෙනව. ඒකෙන් අපි බලන්නේ මේ වැඩිහිටි නිවාසවල තත්වය වේගයෙන් දියුණු කරන්න”