මෙරට බොහෝමයක් වැඩිහිටි නිවාස ගුණාත්මක බවින් ඉතාම පහළ මට්ටමක පවතින බැවින් ඒවා පිළිබඳ සොයා බලා ගුණාත්මක බවින් ඉහළට ගෙනඒමේ වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බව සමාජ සවිබල ගැන්වීම් සහ සමාජ සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා අද ට පැවසීය.
එමෙන්ම වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් වන ඉල්ලීම් ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බැවින් මුදල් අයකරන සුඛෝපභෝගී වැඩිහිටි නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළක් සිය අමාත්‍යාංශය හරහා ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය.පොහොසත් ඉහළ මධ්‍යම පාන්තික වැඩිහිටි පුද්ගලයන්ගෙන් එම ඉල්ලීම වැඩි වශයෙන් ලැබී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් 95%ක් පමණ තම පවුලේ සාමාජිකයන් සමග ජීවත් වුවද මේවනවිට වැඩිහිටි නිවාස වෙත ඉල්ලීම ක්‍රමයෙන් වැඩිවී ඇති බවද ඒ මහතා පැවසීය.
ලංකාවේ වයස 60ට වඩා වැඩි පුද්ගලයන් ලක්ෂ 18ක් පමණ සිටින අතර, මෙම සංඛ්‍යාව 2025 වන විට ලක්ෂ 30ක් පමණ වනු ඇති බවට ගණන් බලා තිබෙන බවද අමාත්‍යවරයා කීය.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්වෙනුවෙන් සිදුකරන සේවාවන් ගුණාත්මක බවින් තවදුරටත් ඉහළට ගැනීමට කටයුතු කරන බවද දිසානායක අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකළේය.