2014 දේශගුණික සමුළුව වැඩිම රාජ්‍ය නායකයන් පිරිසක් සහභාගි වූ දේශගුණික සමුළුව ලෙස ඉතිහාසගත වෙමින් අද (23දා) දින, ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේදී ආරම්භ විය.
දේශගුණය, සෞඛ්‍යය සහ රැකියාව, දේශගුණික විද්‍යාව, ක්‍රියාකාරීත්වය සඳහා ආර්ථික පසුබිම, දේශගුණික ක්‍රියාකාරීන්ගේ අදහස් යන සුවිශේෂී තේමා 4ක් යටතේ මෙවර සමුළුවේදී සාකච්ඡා පැවැත්වෙන අතර, රාජ්‍යයන් 120ක් පමණ නියෝජනය කරමින් රාජ්‍ය නායකයෝ මීට සහභාගි වූහ.
වසර 2015 වනවිට ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සෙල්සියස් අංශක 2කට වඩා පහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා වායු විමෝචනය අඩු කිරීම, දේශගුණික ප්‍රත්‍යස්ථිතිය ශක්තිමත් කිරීම සහ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක දෙකකට වඩා පහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා වූ ගිවිසුමක් සඳහා දේශපාලනමය අභිමතය ලබාගැනීම පිණිස තම රටවල් ගෙන ඇති පියවර ප්‍රකාශයට පත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් මහතා රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.