85 වැනි ජාත්‍යන්තර පොලිස් දිනයට එක්වීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (06දා) ඉන්දුනීසියාව බලා පිටත්ව ගිය හෙයින් වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත්කළ බව පොලිස් මාධ්‍ය අංශය කියයි.
ඉන්දුනීසියාවේ බාලි දූපත්හි හෙට (07දා) සිට 10 වැනිදා දක්වා මෙම ජාත්‍යන්තර පොලිස් සමුළුව පැවැත්වෙයි. සමුළුවට රටවල් 190ක පොලිස් ප්‍රධානීන් එක්වීමට නියමිත අතර, ඔස්ට්‍රේලියා, ඉන්දුනීසියා හා ජපාන පොලිස්පතිවරුන් සමග ශ්‍රී ලංකා පොලිස්පතිවරය ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.