රජයේ වැඩබලන ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස නීතිවේදී සුදර්ශන ගුණවර්ධන මහතා පත්කොට තිබේ. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (11දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය. හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා සිය ධුරයෙන් මිට දින කිහිපයට පෙර ඉල්ලා අස්විය.