ජනපති විශ්‍රාම වැටුපත්, මන්ත්‍රී වැටුපත් දෙකම එකට ගන්නා ලෝකයේ එකම හිටපු ජනපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා බව ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
2005 වසරේ ජනාධිපතිවරණයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂමහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැරදුවේ ප්රභාකරන් සමග ඩීල් ගසා බව නිදහස් පක්ෂයේම අය රටට හෙළිකර ඇතැයිද ඔහු සඳහන් කළේය.
මහනුවර දිගන පැවැති උත්සවයකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසීය.