සංශෝධනය කළ වැට්බදු පනත් කෙටුම්පත සඳහා අද (13) කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තීබේ. මීට පෙර වැට් බදු සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එය කැබිනට් මණ්ඩලය විසින් අනුමත නොකිරීම හේතුවෙන් එය ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.
පැවති වැට් බදු පනතට වඩා ජනතාවට අවම පීඩනයක් ලබාදෙන ආකාරයේ වැට් බදු පනතක් මෙවර ඉදිරිපත් වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.