වැට් පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන 26 වැනිදාත්, අයවැය දෙවැනි වර කියවීම නොවැම්බර් මස 10 වැනිදාත් සිදුකිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
2017 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ අනුව ලබන 20 වැනිදා පාර්ලිමේන්තුව විශේෂ දිනයක් ලෙස සලකා රැස්වීමටද පක්ෂ නායකයන් එකඟතාවකට පැමිණ ඇත.
අයවැය තෙවැනි වර කියවීම දෙසැම්බර් මස 10 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඡන්ද විමසීමේ දින පිළිබඳ මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැත.ලබන 25, 26, 27 සහ 28 යන දිනයන්හි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, 28 වැනිදා කෝප් කමිටු අතුරු වාර්තාව විවාදයට ගැනීමට තීරණය වී ඇත. වැට් පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන 26 වැනිදාද ශ්රී ලංකා ඉංජිනේරු සභාව පිළිබඳ විවාදය 27 වැනිදාද පැවත්වීමට සැලසුම්කර ඇත.