ඉදිරියේ දී වැට් බද්ද තවදුරටත් අඩු කරන බවත් ජනතාව පීඩාවට පත් කරමින් වැට් බදු පැනවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
නව වැට් බදු සංශෝධනයේ දී ද ජනතාවට අහිතකර යෝජනා කිහිපයක් සංශෝධනය කිරීමට ආණ්ඩුවට සම්බන්ධ නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට හැකි වූ බවත් අමාත්‍යවරයා පැවසූයේ හබරාදුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.