වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ලිඛිත දේශන ඇත්නම් ලබන 19 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙසත් මේසම්බන්ධයෙන් වන තීන්දුව ළගදීම කථානායකට ඉදිරිපත් කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) ප්‍රකාශ කළේය.
එම කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිළ ,බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි සහ නීතීඥ දිනේෂ් ද සිල්වා ඉදිරිපත් කළ පෙත්සම් 04ක් අගවිනිසුරු කේ .ශ්‍රී පවන් මහතා ප්රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද විභාගයට ගැනිණ. ඒ අවස්ථාවේදී මේබව ප්‍රකාශ කෙරිණ.