නොවැම්බර් 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්ද 15%ක් දක්වා 4%කින් වැඩිකිරීම මගින් රජය රුපියල් බිලියන 100ක ආදායමක් ලබන වසරේදී බලාපොරොත්තුවන බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.කේ. සෙනෙවිරත්න මහතා පැවැසීය.
කොළඹදී අද (28දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ මේ වන විට වැට් බදු හරහා වාර්ශිකව රජය රුපියල් බිලියන 280ක ආදායමක් උපයන බවත් බදු අයකිරිම හරහා ලබන වසර අවසානය වෙන විට එම ආදායම රුපියල් බිලියන 380ක් දක්වා වර්ධනය කර ගැනීමට අපෙක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර වැඩි කළ වැට් බද්ද දේශීය කිරිපිටි සඳහා අදාළ නොවන බවත් එය අදාළ වන්නේ ආනයනය කරන විදේශීය කිරිපිටි සඳහා පමණක් බවත් අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.