අත්‍යවශ්‍ය භාණ්ඩ දහයක මිල පාලනයක් ඇති කිරීමටද, එම භාණ්ඩ සඳහා රජයෙන් සහනාධාරයක් ලබාදීමටද කැබිනට් මණ්ඩලය එකඟතාවකට පැමිණ තිබේ. එමෙන්ම වැට් බද්ද 9% දක්වා අඩු කිරීමටත්, ඒ වෙනුවෙන් වෙනත් ක්ෂේත්රයක බදු වැඩි කිරීමටත් රජය සැලසුම්කර ඇත. ඉදිරි දින දෙක තුළ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ දහයක් තෝරා ගනිමින් ඒ සඳහා රජයෙන් සහනාධාරයක් ලබාදීමටත්, මිල පාලනය කර පාරිභෝගිකයාට සහන සලසාලීමටත් රජය තීරණය කළ බව ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ(06දා) ප්‍රකාශ කළේය.
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම සම්බන්ධයෙන් වහා පියවර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමති කමිටුවක් පිහිට වූ බවත්, එහිදී මෙම තීරණ ගත් බවත් කරුණාතිලක අමාත්‍යවරයා පැවසුවේ ඊයේ (06දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේදීය. එමෙන්ම පාරිභෝගික අධිකාරිය යටතේ විශේෂ කාර්යසාධක බළකායක් පිහිටුවා පොලිස් අධිකාරී කොට්ඨාස ආවරණය වන පරිදි දිවයින පුරා වැටලීම් හා දැනුම්වත් කිරීම් සිදුකරන බවත්, ඒසඳහා දැනට සිටින නිලධාරීන්ට අමතරව නිලධාරීන් 100 ක් අනුයුක්ත කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා පැවැසීය.
මේ අතර සතියට දෙවරක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට තීරණයක් ගෙන ඇතැයිද, මිල පාලනයකට යටත් වියයුතු බව සඳහන් කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 15 ක් ගැසට් කර ඇති අතර, හාල්, ගෑස්, සිමෙන්ති, කඩල, ටින්මාළු, පරිප්පු, කුකුළු මස්, කිරිපිටි, තිරිඟු පිටි, සුදු සීනි, වියළි මිරිස්, හාල්මැස්සන් ලොකු ලූනු ඒඅතර වන බවත් ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
වැට් බදු බලපාන සහ බලනොපාන භාණ්ඩ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, ඉදිරි සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල පාලනයකින් තොරව භාණ්ඩඅලෙවිකරනවෙළෙඳුන්පිළිබඳපැමිණිලිකිරීමටහැකිවනපරිදිවැඩපිළිවෙළක් ආරම්භකිරීමටත් මෙම කමිටුව තීරණය කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකළේය.
එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසුවේ 09% දක්වා වැට් බදු අඩුකිරීමට රජයේ ඉලක්කයක් ඇති බවත්, ඒවෙනුවෙන් වෙනත් ක්ෂේත්රයක බදු වැඩිකිරීමේ සැලැස්මක් තිබෙන බවයි.අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ 133කට සහ සේවා 21කට වැට් බදු අදාළ නොවන බව මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේය.
අයකරනවැට් බදු ආයෝජනය කරන්නේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට මෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බවත්, එම ක්ෂේත්රවෙත ආයෝජනය කිරීමට වත්මන් රජය බැඳී සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. එමෙන්ම සැබෑ වැට් වැඩිවීම 3% ක පමණක් සිදුවී ඇති බවත්, රාජ්‍ය ණය ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් මෙලෙස සිදුකිරීමට සිදුවූ බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. එමෙන්ම ශ්‍රීලංකාව විදෙස් ණය ගෙවීමේදී මෙතෙක් කිසිදු වාරිකයක් ප්‍රමාදකර නොමැති බවත්, එම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා මෙම තීරණය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගැනීමට සිදුවූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශකළේය. රාජ්‍ය ආදායමෙන් 96% ක් මෙම ණය ගෙවීම්වලට වැයවන බවත් ඉතිරි 4% න් රාජ්‍ය පවත්වාගෙන යාමට සිදුව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරත් ප්‍රකාශකළේය. කෙසේවෙතත් මෙම තත්ත්වය පාලනය වනතුරු පමණක් වැට්බදු පනවා ඇති බවද අමාත්‍යවරයා කීය.