නව වැට් පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වී තීබේ. නව වැට් බදු සංශෝධන පනතෙහි වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද ,එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට සහ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ අනුමැතියට යොමු කරන ලෙස ද ඉල්ලා මෙම පෙත්සම් ගොණුකර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන බන්දුල ගුණවර්ධන සහ නීතීඥ සිසිර ජයකොඩි මෙලෙස ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම් දෙකක් ගොනු කළහ.