එකතු කළ අගය බද්ද පිළිබද සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලබවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුව හමුවේ අද (25දා) ප්‍රකාශ කළේය.
ඒ අනුව එම පනත් කෙටුම්පති මුද්‍රණය කිරීම සදහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යොමු කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.