නියම කරන ලද පාලන මිල වෙළෙඳපොළෙහි තහවුරු වන තෙක් තවදුරටත් රටපුරා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. වැටලීම් නිලධාරීන් සිටින ස්ථානය ප්රධාන කාර්යාලයේ සිට GPS තාක්ෂණය ඔස්සේ අධීක්ෂණය කිරීමටද පියවර ගන්නා බවත් පාලන මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් පිළිබඳ 1977 දුරකතන අංකයට පැමිණිළි කළ හැකි බවත් අධිකාරිය දැනුම්දේ.
එවැනි පැමිණිල්ලක් ලැබුණු වහාම වැටලීම් නිලධාරීන් අදාළ ස්ථානවල වැටලීම් සිදුකරනු ඇතිබවත් රජය විසින් ගැසට් කරන ලද පාලන මිල නොසලකා වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන් 99 දෙනෙකු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හඳුනාගෙන ඇති බවත් පැවසීය.
ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කරන බවයි එහි සභාපති හසිත තිලකරත්න මහතා පැවසීය.