යතුරුපැදියේ සිට සෑම වාහනයකම කළු කොඩියක් ඔසවා ආණ්ඩුවට විරෝධය පළකරන්නැයි සියලුම වාහන හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමයේ ප්රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා අද (23දා) පැවසීය.
එම පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙවර අයවැයෙන් රථවාහන බදු ඉහළ දමා තිබීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය විරෝධය පළකරන බවයි.
ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාවට ලබාදුන් පොරොන්දු කඩකිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි ඔහු කීය.