රජයේ සේවකයන්ට තීරු බදු රහිත වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රජය ලබාදුන් බලපත්‍රය අහෝසි කළත් ඒ වෙනුවට මුදල් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. එසේම රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් 10,000 මූලික වැටුපට එක් නොකළත් එය විශ්‍රාම වැටුපට එක්කරන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී අද (30දා) පැවැසීය.