නවීන මෝටර් රථ සඳහා නව ඉදිරිපස අංක තහඩුවක් නිකුත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
මේ වන විට පවතින මෝටර් වාහන අංක තහඩු සවිකළ විට නවීන වාහනවල ඉදිරිපස ඇති සන්නිවේදන උපකරණ වැසී යාම හේතුවෙන් දත්ත ලබාගැනීමේ හැකියාව අහිමිවීම නිසා ඊට පිළියමක් වශයෙන් එම උපකරණවලට බාධා නොවන පරිදි සකස් කළ නව අංක තහඩුවක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව මෙම මෝටර් රථවල ඉදිරිපස හැඩය අනුව වෙනස් ප්‍රමාණයේ සුදු අංක තහඩුවක් ඉදිරියේදී නිකුත් කරන බවත ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.
මෝටර් වාහන පනත යටතේ වන නියෝගය ඊයේ (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ මේ වන විට දිවයින තුළ ලියාපදිංචි වාහන ප්‍රමාණය ලක්ෂ 71ක් පමණ වන බවත් 2017 වසරේදී පමණක් අංක තහඩු 1,216,805ක් නිකුත් කර ඇති බවත්ය.