මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු D.I.G. වාස් ඇතුළු විත්තිකරුවන් හයදෙනාට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ නඩුව විභාග කිරීමට බලයක් නොමැති බවට ඉදිරිපත් කර තිබූ ඇපෑල පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය 29 වැනිදාට කල්තබන ලදී.
වාස් ඇතුළු විත්තිකරුවන් හයදෙනා විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම අගවිනිසුරු මොහාන් පීරිස්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිරද අබ_ හා සරත් තබ_ යන විනිසුරු මඬුල්ල හමුවේ අද (21දා) විභාගයට ගනී.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් හා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා විනිසුරු මඬුල්ල මෙලෙස කල් දමන ලදී.