මිනීමරුම් චෝදනා ලැබ සිටින හිටපු DIG වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් තවත් මාස තුනක් රිමාන්ඩ් කරන්නැයි කළ ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන 24 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
බම්බලපිටියේ කෝටිපති සපත්තු ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් මරාදැමීම පිළිබඳ චෝදනා ලැබ සිටින විත්තිකරුවන් තවත් මාස තුනක් රිමාන්ඩ් බාරයට පත්කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය ඉල්ලා සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊට විරුද්ධව දැඩි ලෙස කරුණු ඉදිරිපත් කළහ.
දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරුන් වන රෝහිණී වල්ගම (සභාපතිනි) ලලිත් ජයසූරිය සහ ලියෝනි සෙනෙවිරත්න යන විනිසුරු මඬුල්ල නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා මෙලෙස දින නියම කළහ.
මෙම ඝාතනයට අදාළව හිටපු DIG වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු වාස් ගුණවර්ධන, SI ඉන්දික බමුණුසිංහ ඇතුළු හයදෙනෙක් රිමාන්ඩ් බාරයට පත් කොට සිටිති.