වර්තමානයේදී වාරණය කිරීමෙන් සත්‍ය ලෙසම වාරණයක් නොව නිරාවරණයක් වන බවත්, සමාජ ජාල වෙඩ් අඩවි ආදියේ මේසම්බන්ධයෙන් වැඩි වශයෙන්ම සාකච්ඡාවන බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය. ප්රකාශනයේ අයිතිය තහවුරු කළ යුතුසේම ප්‍රසන්න විතානගේ අධ්යක්ෂවරයාට මේ මොහොතේසහයෝගය දැක්විය යුතු බවද පරණවිතාන මහතා කීය.
ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඬයි චිත්‍රපටයට පනවා ඇති අතුරු තහනම පිළිබඳ කතා කිරීම අධිකරණයට අපහාසයක් නොවන බවත්, මේසම්බන්ධයෙන් දැවැන්ත කතිකාවතක් ගොඩනැගීම අවශ්‍ය බවත් අමාත්‍යවරයා පැවසූයේ අද(11දා) පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.