වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තිබෙන හෙයින් දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සෙසු ප්රදේශවලටද වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බවත් සමහර ස්ථානවලට මිලි මීටර් 100 කට වඩා වැඩි ඇති විය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මුලතිව් සිට ත්‍රිකුණාමලය හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වනවිට සුළං වේගය විටෙක තාවකාලිකව පැ.කි.මී. 70-80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව තද රළු විය හැකි අතර, අනෙක් මුහුදු ප්‍රදේශද විටෙක තරමක් රළු විය හැකියැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.