වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එහි සීමා ඉක්මවමින් වාර්තාගත ඉහළ යෑමක් පෙන්නුම් කරන බවත්, එය ඉදිරි පරම්පරා කිහිපයකට බලපානු ඇති බවත් විද්‍යාඥයෝ අනතුරු අඟවති.
කෙසේ වෙතත්, ගෝලීය වශයෙන් සලකා බැලෙන මිනුම් සීමා රැසක් 2015 වසරේදී ප්‍රථම වරට ඉක්මවා යෑමක් පෙන්නුම් කළත්, ලෝක කාලගුණ විද්‍යා සංගමයට අනුව වායුගෝලයේ කාබන් ඩයොක්සියිඩ් ප්‍රමාණය ඒ සියලු මිනුම් සීමා සම්පූර්ණ වශයෙන් ඉක්මවා ගිය වසර 2016 ලෙස සැලකෙයි.
ඒ අනුව, මෙම වර්ධනීය තත්ත්වය අතිශය ප්‍රබල එල්නිනෝ තත්ත්වයන් සඳහා හේතු විය හැකි බවද විද්‍යාඥයෝ අනතුරු අඟවති.