වානේ සංස්ථාව හා ඩුබායි හි පිහිටි මැරියට් හෝටලය අයත්වන්නේ ඒවායේ හිමිකරුවන්ට මිස තමාට නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහමැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත මොහොතක සාවද්‍ය මතයක් රටට ගෙන යැම සඳහා වානේ සංස්ථාවේ ආයෝජනය කර ඇති ඩොලර් මිලයන 48 ක් හා ඩුබායි මැරියන් හෝටලයේ ආයෝජනය කර තිබෙන ඩොලර් මිලියන 190 ක් තමාට අයත් බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කර තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ දිගුවක් ලෙස කටයුතු කරන මෙම පොලිස් ඒකකය බී වාර්තාවක් ඉදිරිපත් කරමින් තමාට එරෙහිව උසාවියේ නඩු පවරා ඇති බවට රටට ඒත්තු ගැන්වීමට උත්සාහ දරමින් සිටින බවද රාජපක්ෂ මහතා කියා සිටියි.
තමාට එරෙහිව බොරු ප්‍රචාර ගෙන යෑමට විරුද්ධවාදීන් මෙම කාරණය භාවිත කිරීමට ඉඩ තිබෙන බව හෙතෙම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පිහිටුවා ඇත්තේ දේශපාලන විරුද්ධවාදීන්ට අසත්‍ය චෝදනා එල්ල කර හිරිහැර කිරීමට බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
නිර්නාමික ලිපියක අන්තර්ගතය මත විමර්ශනයක් ආරම්භ කළ බව කියමින් උසාවියට බී වාර්තාවක් ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.