මාවනැල්ල නගරයේ ව්‍යාපාරිකයකුගේ බිරිඳගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කොට රුපියල් ලක්ෂ 25 ක කප්පමක් ඉල්ලූ බව කියන ඔහුගේම සේවකයෙකු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු චාන්දනී මීගොඩ මහත්මිය පෙරේදා (05දා) නියෝග කළාය.
ව්‍යාපාරිකයා පාවිච්ච් කරන පෞද්ගලික ලැප්ටොප් පරිගණකය හා ඩොන්ගලය පසුගිය දිනෙක අතුරුදන් වී ඇත. මේ අනුව ඔහු විසින් මේ සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසියට පැමිණිලිකොට තිබියදී ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගත් අයෙකු ව්‍යපාරිකයාගේ නැතීවූ පරිගණකය හා ඩොන්ගලය තමා සතුව තිබෙන බව පවසා ඇත.
එහි ඇති ව්‍යාපාරික බිරිඳගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කොට එසේ නොකිරිමට නම් රුපියල් ලක්ෂ 25 ක කප්පමක් ලබාදෙන ලෙස පවසා තිබේ. මේ අනුව පරිගණක සොරකම හා කප්පම පිළිබඳව පොලිසිය තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුව ව්‍යාපාරිකයාගේ අවංක සේවකයෙකු බව කියන උස්සාපිටිය තානායම්වත්තේ පදිංචි චරිත අනුරුද්ධ මැණික්ආරච්චි නැමැත්තෙකු සොරාගත් භාණ්ඩද සමග සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
මාවනැල්ල හෙම්මාතගම විජයබංඩාර