අසත්‍ය ප්‍රකාශ කරමින් සැඟව සිටිමට උත්සහ ගැනිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මොහොමඩ් නස්රීන් නැමැති ව්‍යාපාරිකයා එළැඹෙන13දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගතවුයේ බණ්ඩාගම, අමුළුගම පදිංචි එම්.එච්.මොහොමඩ් නස්රින් (25) නැමැති පුද්ගලයෙකි. රුපියල් කෝටියක් සමග ව්‍යාපාරිකයා පසුගිය ඉරිදා දිනයේදී අතුරු දන් වූ බවට ඔහුගේ පියා පොලීසියට පැමිණිලි කළේය.කෙසේ වෙතත් පොලිසිය කළ පරීක්ෂණවලදී සැකකරු අද අලුයමදි හල්දුම්මුල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්තේය.
ත්‍රිකුණාමලය අමරජීව