ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර, නිල මුද්‍රා, තාවකාලික රියදුරු බලපත්‍ර, මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ සහතික, විවිධ ආයතනවල ලිපි ශීර්ෂ, තැපැල් හැඳුනුම්පත්, වාහන අංක තහඩු සමග සැකකරුවන් දෙදෙනෙකු රාගම ප්‍රදේශයේදී ඊයේ (24දා) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රාගම ප්‍රදේශයේ පදිංචි 51 හා 52 වියේ පසුවන පුද්ගලයන් වන අතර, එක් සැකකරුවෙකු කැලණිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ රියදුරෙකු වශයෙන් සේවය කර විශ්‍රාම ලැබූ පුද්ගලයෙකු බවත්, අනෙක් සැකකරු යුද හමුදාවේ සිට විශ්‍රාම ලැබූ පුද්ගලයෙකු බවත් අනාවරණය වී ඇත.
මේ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.