ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගත් එකම පවුලේ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණගල පොලීසිය කටයුතු කර තිබේ.
වෑන් රථයනින් ගමන් කරමින් සිටියදී පොලීසියට ලැබුණ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් සන්තකයේ තිබී රු. 2000 ව්‍යාජ නෝට්ටු 20ක් හා රු. 5000 ව්‍යාජ නෝට්ටු 6ක්ද සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සැකකාරියන් දෙදෙනෙකුද වන බව පොලීසිය කියයි.
සැකකරුවන් අද (28දා) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.