මේ වනවිට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය යැයි ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉල්ලා සිටිනුයේ අහිගුණ්ටික නිකායේ පිරිස පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසර ජයකොඩි මහතා අද (26දා) පැවසීය.
ව්‍යවස්ථාව සම්බන්ධව අගමැතිවරයා එක් කතාවක්ද, ජනාධිපතිවරයා තවත් කතාවක්ද, අතුරලියේ රතන හිමියන් වැනි පාර්ශ්ව තවත් කතාවක්ද කියමින් සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සිසර ජයකොඩි මහතා,
“අගමැතිවරයා එක බොරු කතාවක් කියනවා.ඊට පරස්පර අදහසක් ජනාධීපතිතුමා කියනවා.ඒ හින්දා ඒ දෙන්නා අතර පරස්පරතාවයක් හටගෙන තිබෙනවා.ආණ්ඩුව වෙනුවෙන් කතාකරන අනෙකුත් පාර්ශ්ව වන්නේ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරන අහිගුණ්ටික නිකායේ කණ්ඩායම පමණයි. මේ අය එදා ඉදන්ම මේ රටට හානි කර අදහස් ඉදිරිපත් කරපු අය.
රාජ්‍ය නොවන සංවිධානවල මේ නියෝජිතයෝ යුද්ධය පවතින කාලයේදී එල්ටීටිඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කරන්න පුළුවන් බව පෙනී පෙනී තිබියදී ජාත්‍යන්තර මැදිහත්වීම් අවශ්‍යයි කියපු අය. සංහිඳියාව උදෙසා ප්‍රතිචාර කාර්ය සාධන බළකායේ අවසන් වාර්තාවේ අපේ රතන හාමුදුරුවෝ නැහැ. දේශප්‍රේමි මතය දරන එක් අයෙක්වත් නැහැ. මේ වාර්තාව හදලා තියෙන්නේ දැන් ව්‍යවස්ථාව වෙනුවෙන් මොරදෙන රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන්.
මේ වාර්තාව තමයි අතුරු කමිටු වාර්තාව හදන්න පාදක කරන් තියෙන්නේ. එම අතුරු කමිටු වාර්තාව තමයි ව්‍යවස්ථාවක් හදන්න යොදාගන්න හදන්නේ”යනුවෙන් පවසා සිටියේය.