මෙරට ජනගහනයෙන් අඩකට වඩා ජනතා යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවට ලැබුණු බවත්, මෙම කමිටු වාර්තාව කියවා බලා අධ්‍යයනය කරන ලෙසත් අදාළ කමිටුව මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීමේ පළමු පියවර ලෙස ජනතා අදහස් ලබාගැනීම ඓතිහාසික සිදුවීමක් වන අතර, රාජ්‍යය ප්රජාතාන්ත්රීකරණය කිරීම සහ ජාතික ප්රතිසන්ධානය සඳහා හොඳම කාලය එළඹ ඇති බවත්, එය වහා කළ යුතු බව රටේ බහුතර ජනතාවගේ මතය වී ඇති බවත් එම කමිටුවේ සාමාජික සිරිමසිරි හපුආරච්චි මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත.
විෂයයන් 20 ක් යටතේ ව්‍යවස්ථාව සඳහා යෝජනා ලබගත් අතර නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීම,රාජ්‍යතන්ත්‍රය ප්‍රති ප්රජාතාන්ත්රීකරණය කිරීම, ස්වාධීන රාජ්‍ය සේවකයන් බිහිකිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ජනතාව අතර එකඟතාවක් ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
ජනතාව ඉදිරිපත් කරනලද මහජන අදහස් කිසිදු සංස්කරණය කිරීමකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවට ඇතුළත් කර ඇති අතර, ජනතා අදහස් මත පදනම්ව කමිටුවේ නිර්දේශ ඉදිරිපත්කර ඇතිබවද නිවේදනයේ දක්වා තිබේ.මේවනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රසිද්ධ කර ඇති අතර, එය අධ්‍යයනය කරන ලෙසද සිරිමසිරි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අවසන් වාර්තාව මෙතැනින්