ව්‍යවස්ථාදායක සභාවට ඇමතිවරුන් පත් කිරීම විපක්ෂයට ගැටලුවක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඇමතිවරුන් පත්කිරීම වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කරන ලෙස විපක්ෂය අද දිනයේද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. මේ පිළිබඳ ගිවිසුමකට පැමිණෙන්නේ නම් පමණක් ව්‍යවස්ථාදායක සභාවට යෝජනාකර ඇති සිවිල් සමාජිකයන්ගේ නම් අනුමත කරගැනීමට සහයෝගය ලබාදෙන බව ඔවුහු පැවසූහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වෙන කැබිනට් හමුවේදී මේපිළිබදව තීරණයකට එළැඹෙවන බව එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කෙසේවෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පත්කළ සාමාජියන් මෙම පාර්ලිමේන්තුවට පමණක් බල පැවැත්වන ලෙසත් ඉදිරි පාර්ලිමේන්තුවේදී එය වෙනස්කළ හැකි වන අයුරෙන් මෙය වෙනස්කිරීමට සාකච්ඡාකරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කැබිනට් මණ්ඩලය මේවනවිට රුස්වී තිබේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

