මහ මැතිවරණයෙන් පසුව අලුතෙන් පත්වන පාර්ලිමේන්තුවේ අගමැතිවරයාට විපක්ෂනායකවරයාගේ එකඟතාව අනුව ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත්කරගැනීමට ඉඩකඩ ලබාදෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පැවසීය.
“අභාවයට යමින් තිබෙන පාර්ලිමේන්තුවක් අලුතෙන් එන්න තියෙන පාර්ලිමේන්තුවක කාර්යයක් අත්පත් කරගන්නවා. ඒක වැරදියි. ඒ නිසා තමයි අපේ ප්‍රධාන ඉල්ලීම වුණේ මේ ව්‍යවස්ථාදායක සභාවට සුදුසු පුද්ගලයන් පත්කිරීම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව, නව අගමැතිවරයාට සහ නව විපක්ෂ නායකවරයාට කරන්න ලබාදෙන්න කියා. ඒ නිසයි අපි කියන්නෙ ව්‍යවස්ථාදායක සභාවට ඇමතිවරුන් නොවෙයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කරන්න කියලා. මොකද ඔවුන් විධායකට සම්බන්ධ නැහැ. අමාත්‍යාංශයක් නැහැ. නමුත් ඇමතිවරයෙක් කියන්නේ විධායකයේ කොටසක්* යැයි පැවසීය. අද (03දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මේ බව පැවසීය.