08 වැනි පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව කථානායකවරයාෙග් මූලිකත්වයෙන් පළමු වරට අද (10දා) රැස්වේ. මෙම රැස්වීමේදී, ඊට සිවිල් සමාජය නියෝජනය කරන පුද්ගලයන් තිදෙනා පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝජිතයා වශයෙන් මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පත්කර තිබේ.
එමෙන්ම ඒ සඳහා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත්කර ඇත.
සුළු පක්ෂ නියෝජනය කරමින් එහි නියෝජිතයා ලෙස ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පත්කරනු ලැබ ඇත.
රටට අත්‍යවශ්‍ය ස්වාධීන කොමිෂන් සභා 09 ක් ස්ථාපිත කොට කටයුතු සිදුකිරීම, අධීක්ෂණය කිරීම මෙම ව්‍යවස්ථාදායක සභාවේ කාර්යභාරය වේ.