වළගම්බා රජුගේ ආභරණ නිධන්කර ඇතැයි සිතා ගලේවෙල, බේලියකන්ද ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි පුද්ගලයන් නව දෙනෙකු දඹුල්ල පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස හෙයියන්තුඩුව, මල්වාන, මාතර, සපුගස්කන්ද, දෙල්ගොඩ, බියගම, යටින්තොට, ගලේවෙල ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයක්, යතුරුපැදියක් හා ගල් කැඩීම සඳහා උපයෝගී කර ගන්නා යකඩ මෙවලම්, මල් බුලත් ආදී ද්‍රව්‍යද සැකකරුවන් සමග අත්අඩංගුවට ගෙන තිබේ.