දිවයිනේ පවතින වියළි කාලගුණ තත්වයේ වෙනස් වීමක් ඔක්තෝබර් මස 13 වැනිදායින් පසුව බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව පවසයි.
උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව අද (10දා) එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
එසේම හෙට දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල තවදුරටත් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.