වසවිස නැති දේශීය සහල් තොග අවසන් වීමත් සමග රටපුරා දේශීය සහල් හිඟයක් ඇතිවී තිබෙන බව උපායමාර්ගික ව්‍යවසායක කළමනාකරණ ආයතනය නිවේදනය කරයි.
වසවිස නැති දේශීය වී කිලෝවක් සඳහා රුපියල් 50 ක සහතික මිලක් යටතේ සිවිල් ආරක්ෂක බළකාය සහල් නිෂ්පාදනයට පිවිස ඇති අතර, පෞද්ගලික වෙළෙඳුන්ද තරගකාරී මිල ගණන් යටතේ වසවිස නැති දේශීය වී මිලදී ගැනීමෙන් මෙම තත්වය උද්ගත වී ඇතැයි එම ආයතනය ප්‍රකාශ කරයි.
එමෙන්ම සිවිල් ආරක්ෂක බළකාය සීමාවකින් තොරව වසවිස නැති වී මිලට ගෙන සහල් නිපදවීම සහ බිත්තර වී සැකසීම සිදුකරන අතර, මෙතෙක් වී කිලෝ දෙලක්ෂයක් පමණක් මිලදී ගැනීමට හැකිවූ බවද සිවිල් ආරක්ෂ බළකා ප්‍රධානීන් පවසා ඇත.
වැලිඔය, පදවිය, ශ්‍රීපුර, සේරුවිල, කත්තලේ සහ ගෝමරන්කඩවල යන ප්‍රදේශවල මෙම මිලදීගැනීම් සිදුකර තිබේ.