කාන්තාවන්ට වැලඳෙන පිළිකා අතරින් බහුලම පිළිකාව පියයුරු පිළිකාව බවත් ශ්‍රී ලංකාවේ 2,500ක් පමණ පියයුරු පිළිකා රෝගීන් වාර්ෂිකවඅලුතින් වාර්තා වන බව මහරගම අපේක්ෂා ජාතික පිළිකා රෝහලේ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය කනිෂ්ක ද සිල්වා මහතා සඳහන් කළේයඒ මහතා පැවසීය.
විශ්ව පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය ලෙස ඔක්තෝබර් මාසය නම්කර ඇති බවට දැනුම්දීම වෙනුවෙන් ඊයේ (28දා) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් දැක්වීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙරට කාන්තාවන් ලක්ෂයක් අතරින් විසිදෙනෙකුට වැලඳෙන පියයුරු පිළිකාව කල්තියා හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන් සුවකළ හැකි බවයි.
එසේම පසුගිය වසර කිහිපය තුළ පියයුරු පිළිකා වැලඳුණු කාන්තාවන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇති නිසාවෙන්ද, පියයුරු පිළිකාව ශරීරය පුරාම ව්‍යාප්තවූ පසු බොහෝදෙනා ප්‍රතිකාර සඳහා යොමුවීම මෙරට පවතින නිසාවෙන්ද කාන්තාවන් මසකට වරක් හෝ ස්වයං පියයුරු පරීක්ෂාවක යෙදීම වැදගත් බව හෙතෙම පැවසුවේය.
සෑම දිස්ත්‍රික්කයකම රෝහල් හා අනුබද්ධ සුවනාරි හා සුවදිවි මධ්‍යස්ථාන පිහිටුවා මෙම රෝග පරීක්ෂා කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇති බවද ඒ මහතා පැවසීය. එබැවින් තම බිරින්දෑවරු එම සායනයන් සඳහා යොමුකිරීම සියලුම ස්වාමිපුරුෂයන්ගේ වගකීමක් වන බවත්, එම වගකීම ඉටුකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.