මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඊයේ (11දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛණය අනුව වසර පහක් තුළ ශ්‍රී ලංකාවේ අවම අයවැය හිගය මෙවර අයවැයෙන් තබා ගැනීමට මුදල් අමාත්‍යවරයා සමත්ව තිබේ.
සමස්ත ආදායම රුපියල් බිලියන 2098ක් වෙන අතර සමස්ත වැය රුපියල් බිලියන 2723කි. ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 625ක් වෙන අතර එය දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 4.6%කි.
ඒ අනුව වසර පහක් තුළ අවම අයවැය පරතරය මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබේ.
(2013 - 5.4, 2014 - 5.7, 2015 - 7.4, 2016 - 5.4, 2017 -4.6)