වසර පනහක දිගු ඉතිහාසයක් ඇති ග්‍රාමනිලධාරී සේවාවට මෙතෙක් සේවා ව්‍යවස්ථාවක් සකස් කර නොමැතිවීමෙන් තනතුරට බඳවා ගැනීමේ සිට සේවයෙන් විශ්‍රාම යනතෙක් පරිපාලන ගැටලු රාශියකට මුහුණදීමට තමන්ට සිදුව තිබෙන බව ග්‍රාම නිලධාරීහු සඳහන් කරති.
දීපව්‍යාප්ත සේවාවක් නොවන බවට සඳහන් කරමින් බඳවා ගැනීමේ සේවාවක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කළත්, ලංකාව පුරාම සේවය කරන එකම රාජ්‍ය නිලධාරියා තමන් බවද ඔවුහු පෙන්වා දෙති.