ගෙවීගිය කාර්තුවේ, එනම් අප්‍රේල් සිට ජුනි මාසය දක්වා ඉන්දීය ආර්ථිකය 5.7% ක ආර්ථික වර්ධන වේගයක් ලබාගෙන ඇති බවත්, එය පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ඉන්දීය ආර්ථිකය ලබාගෙන තිබූ වැඩිම වර්ධන වේගය බවත් වාර්තා වෙයි.
ඉන්දීය සංඛ්‍යාලේඛන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ විදුලිබලය, ගෑස් සහ ජල සැපයුම මෙන්ම, මූල්‍ය සේවා අංශයන් ආර්ථිකයේ ශක්තිමත් වර්ධනයට හේතු වී ඇති බවයි.
එමෙන්ම, මෙම ආර්ථික වර්ධනය විශ්ලේෂකයන් විසින් පුරෝකථනය කළ වර්ධනයටද වඩා වැඩි අගයක් බවද පැවසෙයි.
මොදි අග්‍රමාත්‍යවරයාගේ ඉන්දීය නව රජය පත්වීමත් සමග එරට ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ කිහිපයක්ම සිදුකළ අතර, ව්‍යාපාර ආයෝජනයන් දිරිගැන්වීම හා බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම එහිදී කැපී පෙනුණි.