රටම එළියයි අඳුර දුරළයි ජාතික සත්කාරය දෙසැම්බර් 31 න් අවසන් වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
"විදුලිබල මණ්ඩලය කියන්නේ වානිජ ආයතනයක්. නමුත් අපි වානිජ පරමාර්තයෙන් තොරව සමාජ සත්කාරයක්, මානුෂිය මෙහෙයුමක් හැටියට තමයි මේ "රටම එළියයි අඳුර දුරලය" ජාතික සත්කාරය ක්‍රියාත්මක කළේ. අපි බලාපොරොත්තු වෙනවා 2016.12.31 දින මේ විදුලි සත්කාර වැඩසටහන නිමාකරන්න. අපි ජනතාවට නැවතත් ආරාධනා කරනවා මෙතෙක් මේ ව්‍යාපෘතියෙන් ප්‍රයෝජන නොගත් කොටසක් සිටිනවානම් මේකෙන් ප්‍රයෝජන ගන්න කියලා" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, රටම එලියයි අඳුර දුරළයි සමාජ සත්කාරක වැඩසටහන පිළිබඳව අද (08) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමිනි.