වසර 12 ක සේවා කාලය අවසන් කර විශ්‍රාම ලැබූ රණවිරුවන්ට ලබාදෙන සේවා විශ්‍රාම වැටුප වසර 12 ක සේවා කාලය අවසන් නොකර ස්ව කැමැත්තෙන් වන්දි ලබා විශ්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට ද ලබාදීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි තීරණය කර තිබේ.
එම තීරණය මෙම ඉල්ලීම සිදුකරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූ රණවිරුවන්ගේ නියෝජිතයින් සමග අද (07දා) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් ලිඛිතව දෙනු ලැබිය.
මේ පිළිබඳව කළ ඉල්ලීම් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිවරයා මේ වනවිටත් එම සේවා විශ්‍රාම වැටුප ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගැනීමේ විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සඳහා අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ලබන වසර පෙබරවාරි මාසයේ සිට මෙම සේවා විශ්‍රාම වැටුප ලබාදීමට නියමිතය.
හමුදාවේ නීතිය අනුව ආබාධිත රණවිරුවෙකුට සේවා විශ්‍රාම වැටුපට හිමිකම් කීමට සෙසු නිලයන් වසර 12 ක සේවා කාලයක් ද නිලධාරීන් වසර 10 ක සේවා කාලයක් සපුරා තිබිය යුතුය.