වසර 42කට පසු ධීවර සංගණනයක්
වසර 42කට පසුව මෙම වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව පිළිබඳ සංගණනයක් සිදු කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේද සහයෝගයෙන් පැවැත්වීමට නියමිත මෙම සංගණනය තුළින් වර්තමානයේ ධීවර අංශයේ නියුතු පුද්ගලයන් සංඛ්‍යාව හා ඔවුන්ගේ පවුල්වල තොරතුරු, කරදිය හා මිරිදිය අංශයේ ධීවර කර්මාන්තයේ යෙදෙන ප්‍රමාණ මෙන්ම ඔවුන්ගේ ආදායම් තත්ත්වයන්, ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වයන්හි සිදුව ඇති වෙනස්කම් මෙන්ම ඉදිරි ධීවර සංවර්ධන කටයුතුවලදී ප්‍රමුඛත්වය ලබාදිය යුතු අංශ හඳුනාගැනීම යනාදිය අරමුණු කෙරෙයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කටයුතු සම්පාදනය කිරීම සඳහා වූ සාකච්ඡා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මේ වනවිට සිදු කරමින් ඇති බව සඳහන් වේ.
1976 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මුල් වරට ධීවර ප්‍රජාව පිළිබඳ සංගණනයක් සිදු කර ඇති අතර,ඉන් අනතුරුව ධීවර කටයුතුවල නිරතවන ධීවර කාර්මිකයන් පිළිබඳ නිවැරදි දත්ත හඳුනාගැනීම සඳහා මෙවැනි සංගණනයක් සිදු කර නොමැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

