2013 වසරේදී කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යමින්, පෘථිවි වායුගෝලයේ හරිතාගාර වායූන් වාර්තාගත වේගයකින් ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවකින් හෙළි වී තිබේ.
2012 සිට 2013 දක්වා පෘථිවි වායුගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් මට්ටමේ ඉහළ යෑම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී 1984 වසරින් පසු වැඩිම වේගයකින් කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ ගොස් ඇත්තේ 2013 වසරේදී බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් මෙය අනාවරණය කර ඇති අතර, ඔවුන් පවසන්නේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ලෝකය මීට වඩා වැඩි අවධානයක් යොමුකළ යුතුව ඇති බවයි.